එකමත් එක රෝස මලක කතාව...

දවසක් දා - එක් අදුරු දිනයක
සොදුරු මල් වත්තක
මල් ගසක් යට - ලොවට රහසින්
සෙමෙන් මියයන
රෝස කුසුමක් මා - නෙතට හසුවුන..
පෙතිබිදී විසිරුන - ඉරිතලා වෙන්වුන
පිපෙන්නට වෙර - දරද්දිම පරවුන
හෙලා බිම ඈ - දමා පාගා යටකර
තලා පෙති ඈ - වනසා මුලාකර
දමා ඇත එක - රුදුරු බඹරෙකු
රකුසු විලසින...

රැගෙන මා දෝතින් ඇය
දෝවනය කර සෙනේ දිය
තැලුම් පිරිමැද - කැඩුම් සුවකොට
පෙති එකින් එක - ගලපලා එක්කොට
සෑදුවා යලි - සුදු රෝස මල
මහට හැකි උපරිම - අඩුපාඩු අඩු කර
හිනහුනා ඒ සුදුරෝස මල
වේදනා පිරි දෑස් සගවා
සෙනෙහෙ මුව මඬලක් මවාගෙන
සතුටින් ඉපිලුනි මා හද
පෙමින් බැඳී මා නොදැනීම
දෑතින් ගෙන ඈ - බදාගෙන තුරුලට
කරගතිමි මා - මගේ දිවියම
ඇයට පුද කොට

Yasas Senanayake

Comments