මගේ පුංචි මල් කුමරිය..

හීන් දිගැටි සුදුපාටින් හැඩ වුන
මගේ ඩේසි මල් කුමාරියයි ඔබ
පාට පාට මල් අතරින් පැහැබර
මා සිත්ගත් සුදුමල් පොකුරයි නුඹ

බඹර දෙඹර රුදු වනසුන් ගැවසෙන
වනන්තරේ පිපි සුවදැති කුමරිය
සපල කරන් ඔබේ සොඳුරු සිහිනය
පරිස්සමින් සුවඳ දෙන්න ලොවටම


¥asas $enanayake

Comments