දිනක්....
පරන රොබෝවක්
ඇවිද්දා හිස හැරුනු අත
අවසන් වූ පසු සේවා කාලය
අතැර දැමූ රොබෝවකි එය
පෙර සොඳුරු මතකයන්
වේදනාබර මතක වී අද
ඇවිද්දා ඔහු
හිස හැරුන'රුන අත...
මතකයන් සිහි කොට
වැලපුනා විටින් විට
නිහඬවම...
ඇවිද ගෙන ගොස් ඇත
මුහුද අද්දරටම
ක්ශීර වන් සුදු මුහුදු රළ
දොවා සිඹ ඔහු පා තල
එහෙත් ඔහු නැවතුන් නැත
ඇවිද යයි දිගටම
උරස දක්වා දියේ ගිලගොස් ඇත
මුලින් දෙපතුල් සිඹිමින්
සෙනේ පෑ ඒ මුහුදු රළද
රුදුරු ලෙස ගිලගනී ඔහුව
කෙමෙන් කෙම...
ඔහුත් එය දැන දැනම
මුහුදු රලටම අවනතව
සෙමෙ සෙමෙන් සයුරටම ඇදුනා
නිහඬවම...
Yasas Senanayake
පරන රොබෝවක්
ඇවිද්දා හිස හැරුනු අත
අවසන් වූ පසු සේවා කාලය
අතැර දැමූ රොබෝවකි එය
පෙර සොඳුරු මතකයන්
වේදනාබර මතක වී අද
ඇවිද්දා ඔහු
හිස හැරුන'රුන අත...
මතකයන් සිහි කොට
වැලපුනා විටින් විට
නිහඬවම...
ඇවිද ගෙන ගොස් ඇත
මුහුද අද්දරටම
ක්ශීර වන් සුදු මුහුදු රළ
දොවා සිඹ ඔහු පා තල
එහෙත් ඔහු නැවතුන් නැත
ඇවිද යයි දිගටම
උරස දක්වා දියේ ගිලගොස් ඇත
මුලින් දෙපතුල් සිඹිමින්
සෙනේ පෑ ඒ මුහුදු රළද
රුදුරු ලෙස ගිලගනී ඔහුව
කෙමෙන් කෙම...
ඔහුත් එය දැන දැනම
මුහුදු රලටම අවනතව
සෙමෙ සෙමෙන් සයුරටම ඇදුනා
නිහඬවම...
Yasas Senanayake

කියන්නට කිසිවක් නැත
ReplyDeleteසිතන්නට කිසිවක් නැත
මක් කරන්නද මම ඉතින්
මෙකයි මගේ ජිවිතේ