අඳුරේ අධිපති...

නොලැබ මව් සෙනෙහස
කුඩා කල සිට මා
හැදී වැඩුනෙමි තනිවම
ඇසුරු කලේ මා
නැතේ කිසි මිතුරෙක් මට
සර්පයින් පමනකි
මිතුරු වූයේ මගේ තනියට...
වෙනස් බව මා
දනිමි කුඩා කල සිට
අනාත නිවසේ
අඳුරු අහුමුලු තුල
වින්ඳ හිරිහැර
දන්නේම මා පමණය...

සදා මගෙ මාවත
තරනය කලෙමි
අදුරු මායාවන්
පරතෙරට...
ලෝකයේ ස්වාභය
අවබෝදකර තනිවම
කෙමෙන් කෙම
හිස එසෙවුවා මම
නිහඬවම...
පැරදුවෙමි අඳුරම මම
බියවුනා අඳුරද මට
අඳුරටම අධිපති ලෙසින්
නැගී සිටියෙමි මම

උතුම් ලේ පරපුර
සුරැක මායා ලොව
උතුම් අරමුනෙන් කල දෑ
වරදක්ද...
කිසිදා නොලද ආදරය
ලොවට දෙන්නේ කෙලෙස
මාද නොලැබූ දෙයක්
අන් අයට දෙනු කෙලෙස...

නොලද මව් සෙනෙහස
නොලද පිය සෙනෙහස
ඉදිරියේ මම පැරදුනා
පලමුවද... දෙවනුවද...

හැරී... මම පැරදුනා නොව
මගේ අරමුන
ලොවට බෙදුවෙමි මම
නැවත දිනකදි උරුමකරුවෙක්
නැගී සිටවෙනු ඇත
උරුමකරු පැමිනෙන තෙක්
මගේ මතයන්
සෙමෙන් දලුලනු ඇත.
එතෙක් ඔබ හදවත් තුල
මගේ මතකය
රැඳී පවතිනු ඇත
මගේ නාමය
සදා නොමියෙනු ඇත...
"I am Lord Voldemort"




•¥asa$•

Comments

  1. Great poem about Dark Loard.❤️❤️❤️❤️❤️❤️

    ReplyDelete

Post a Comment