මතකය සුවඳ

ඔයා වෙනුවෙන්
මගේ හිතේ
තාමත් මල් පිපෙනවා
මගේ අහින්සක ලමයෝ....
ඔයාට ආයෙත්
එන්න බැරි බව දන්නවා...
මතක හිත ගැඹුරේම තදකර
මමත් නිහඬව ඉන්නවා...
ඉද හිට මගේ හිතේත්
අනෝරා වැහි වැටෙනවා...
ඒ වැස්සේ තෙමී
මතක දියවෙවි ගලනවා...
හිතේ පතුලටම ගහගෙන
පොලෝ කුහරෙට ඇදෙනවා...
මතක පිලිරූ තෙමී දියවී
හිත පතුලෙම බිම වැටෙනවා...
ඒත් සිත් පොලොවේ පසෙත්
ඔබේ සුවඳම හමනවා...
ඔබේ මතකය සුවඳ දිදී
සදා මගෙ හද තෙමනවා...

•¥asa$•

Comments