දවසක
හවසක
අතින් ගෙන ආ හැරමිටිය මුදාහල..
අඳ නොවූ
දෑස් හැර, තනිව බැලීමට කම්මැලියෙක්...
ලාමකයෙක්...
දෑස් මදක් විවර කර
ලෝකය දෙස සෙමෙන් බැලීය.
අවට ලෝකය දුටු ඔහු
මදක් නිසලව පසුවිය.
තමා අවට ලෝකය හා
ඔහුගේ සිතලු ලොව
එකක් නොව දෙකක් බව
ඔහුට මදක් වැටහිනි...
ඔහු සිටියේ කුඹුරක් අසලය..
තමා සිතින් මවාගත්
ලා නිලට හුරු දම් පැහැ
ගොයම් ගස් වෙනුවට
සිහින් දිගැටි සිරුරැති
සිලිසිලි ගා වැනෙන
කොලවන් කුඹුරු යායකි එය.
දහවලක් ගැන අසා, දැනී තිබුමුත්,
දුටුවේ මුල් වරටය.
දවසේ වැඩ නිම කර
අවරට යෑමට සැරසෙන
හිරු තාමත් අපර අහසෙය.
දැකුම් මාත්රයෙන්, යලිත් දෑස පියවින
කහ පැහැති අවට සුදු පැහැති වුර්තයකි
දෑස් මදකට - යලිත් අඳ කල
දහවලදි, තමා සම සිදුරු කල
ඒ අමුතු හිරු මඩල.
දෑස් පියාගෙන,
දුරක් ගොස් යලි දෑස් හැර
බැලූ විට ඔහු සිටී
ඉමක් කොනක් නැති සයුර අසල...
මුහුදු සුලඟින් හෙබින
රැලි ගැසී විත් හැපෙන
හෙන හඬින් දිය බිඳින
මුහුදු වෙරලත් යකඩ පවුරකි
සයුර වලකන නොබිය
හිරු ගිලී යයි අවර
සියත් කැල කෑ ගසන
මිනිස් පෙල දුර ඇදෙන
හිරුත් සමගම මියැදුනා ඔහු
අසල නිරතුරු රැඳුන...
ඔහුගේම සෙවනැල්ල...
අඳුර ලොව රජ කරන
යාමයේදි තනිවුනා ඔහු
සුදු සැරටියද නැතිව...
ඉතින් මෙය නම් යතාර්තය
වැලඳ ගන්නම් සෙනෙහසින්
දෑත් දිගුකොට..
ජීවිතය.
•¥asa$•
හවසක
අතින් ගෙන ආ හැරමිටිය මුදාහල..
අඳ නොවූ
දෑස් හැර, තනිව බැලීමට කම්මැලියෙක්...
ලාමකයෙක්...
දෑස් මදක් විවර කර
ලෝකය දෙස සෙමෙන් බැලීය.
අවට ලෝකය දුටු ඔහු
මදක් නිසලව පසුවිය.
තමා අවට ලෝකය හා
ඔහුගේ සිතලු ලොව
එකක් නොව දෙකක් බව
ඔහුට මදක් වැටහිනි...
ඔහු සිටියේ කුඹුරක් අසලය..
තමා සිතින් මවාගත්
ලා නිලට හුරු දම් පැහැ
ගොයම් ගස් වෙනුවට
සිහින් දිගැටි සිරුරැති
සිලිසිලි ගා වැනෙන
කොලවන් කුඹුරු යායකි එය.
දහවලක් ගැන අසා, දැනී තිබුමුත්,
දුටුවේ මුල් වරටය.
දවසේ වැඩ නිම කර
අවරට යෑමට සැරසෙන
හිරු තාමත් අපර අහසෙය.
දැකුම් මාත්රයෙන්, යලිත් දෑස පියවින
කහ පැහැති අවට සුදු පැහැති වුර්තයකි
දෑස් මදකට - යලිත් අඳ කල
දහවලදි, තමා සම සිදුරු කල
ඒ අමුතු හිරු මඩල.
දෑස් පියාගෙන,
දුරක් ගොස් යලි දෑස් හැර
බැලූ විට ඔහු සිටී
ඉමක් කොනක් නැති සයුර අසල...
මුහුදු සුලඟින් හෙබින
රැලි ගැසී විත් හැපෙන
හෙන හඬින් දිය බිඳින
මුහුදු වෙරලත් යකඩ පවුරකි
සයුර වලකන නොබිය
හිරු ගිලී යයි අවර
සියත් කැල කෑ ගසන
මිනිස් පෙල දුර ඇදෙන
හිරුත් සමගම මියැදුනා ඔහු
අසල නිරතුරු රැඳුන...
ඔහුගේම සෙවනැල්ල...
අඳුර ලොව රජ කරන
යාමයේදි තනිවුනා ඔහු
සුදු සැරටියද නැතිව...
ඉතින් මෙය නම් යතාර්තය
වැලඳ ගන්නම් සෙනෙහසින්
දෑත් දිගුකොට..
ජීවිතය.
•¥asa$•

ජිවිතයේ සැබැ තේරුම
ReplyDeleteකුමක් වග දැයි
දන්නා ඌන් නැත මෙලොව
එනමුත් ජිවිතය යනු චරිකවකි
මේ එක නැවතුමක්
හොදම දේ නම්
මේ මොහොතේ ජිවත් වීමය.