මතක එකිනෙක ගලපා ලීවෙමි පිටු
අතර සඟවා..
සොඳුරු පාසල් බිමේ මතකය වටිනවා
මට සැමදා..
ආත්මයෙ වටිනාම කොටසයි තැබුවෙ
පිටුතුල රඳවා..
මගේ දිවියේ එකම සතුටයි පාසලේ
මතකය සැමදා..
දලෙන් ඇන ඇන සිදුරු කර දැමුවා
හදවතම පුපුරා..
පැලුනු ඒ හදවතේ පිටු අතුරින් ගලනා
රුධිර දහරා..
අඳුරටම අධිපතිත් කෑගසා මියයන
මතක පාරා..
පැලුනු හද ගිනිබත් වුනා නිමා කර
කුමරුගේ සෝරා..
•¥asa$•

Comments
Post a Comment