අලුත උපන් පොඩි දරුවෙක්..
දෑතින් දෙපයින් වෙරගෙන
බඩගාමින් පෙරලිමින් දගලමින්
මදක් කෙලින් සිටුවී
ඇවිදීමට උත්සාහ කරන..
දෑතින් උස්සා ඈ
විසිකලේ එක්වරම..
සාන්ද්‍ර අම්ල උනුවී පැසෙමින් දැවෙන හැලියකට...
සිතා ගැනීමටවත් මොහොතක් ඉතිරි නොකර...
ඇගේ මුහුන දෙස ක්ශණයක් බලාහිඳ
දියවී ගියා සම් මස් ඇට නහර...
ශබ්දයක්වත් පිට නොකර..
හුස්මක්වත් ඉතිරි නොකර
කුඩා දරුවා ගැන මතකයද
වා තලයට මුසුකර...
කුඩා දරුවාගේ කිසිවක් ඉතිරි නොවිනි
පැසෙමින් දැවෙන අම්ල හැලිය තුල...
•¥asa$•

Comments
Post a Comment