ඉරිතැලුනු හදවත්...

ග්‍රීෂ්මයේ ඉඩෝරය කටුකය.
සැඳෑකල පෙම් උයන් මතින් හමා යන සුලඟද වියලිය.
තුරුපත් සැලී ගිනියම් වූ පොලොව වසා සිටින හැටි පුදුමය.
මගේ හද දවන ගිනි මාද සඟවා සිටින අයුරුය...

වැසි කාලයේ ගහ කොල මල් ඵලින් බරවී සිටියහ.
මියුරු ගී රාවයන් දසත විසුරන කුරුළු බහුලය.
සොඳුරු නුඹ සමග ඒ ගෙවූ වස්සාන කල මිහිරිය.
නුඹ නැතත් සරසවිය එදා වාගෙම අදත් සොඳුරුය..

උරහිසේ හොවා හිස සිප වැලඳ ගෙවූ කල මතකය.
මයිල ගස් තුරු සෙවනෙ සිටින බංකුව තවම නිහඬය.
මිහිත්තල පුද බිමත් රුවන්වැලි සෑ බිමත් සිපගෙන,
හමායන වාලුකා සුලං රැල් තවම මට සිසිලය..

නුඹ නැතත් සරසවිය එදා වාගෙම අදත් සොඳුරුය..

•¥asa$•

Comments