හුදෙකලා ජීවිතය...


හුදෙකලා ගසක් වෙමි
නගරයක් මැද සැදුන

දූශිත දුමින් පිරි අහසට
සිසිල් වාතය බෙදන

විසල් ගොඩනැගිලි අතරින්
කොල පැහැය ඉසින

වාහන නලා හඬ මැද
සිලිසිලිය නගන

කපුටු නාදය මැදින්
කිචිබිචිය සදන

මල් පිපී සුවඳ දී
මිනිස් සිත් නිවන

කුරුලු, මිනිසුන්, සතට
පළ රසය බෙදන

හුදෙකලා ගසක් වෙමි
සැමට සුව සදන

•¥asa$•

Comments