වේයෙකු, උපන් දා සිට
වහල් කම් කර රැජිනකට
යටත් වැසියන් සේ ඉඳ
ගොඩනගා තුඹස්, අධිරාජ්‍ය
ජීවිතයේ හොඳම කාලය
අනුන් වෙනුවෙන් කැපකර
ලැබුනු විශ්‍රාම වැටුපයි
ඒ පියාපත් යුගලය...
" ඩොබී දැන් නිදහස් "
ලෙසින් මුරගා අහසට
තටුසලා ඇදෙයි උන්
විදුලි ලාම්පු එලියට
කිසිදා ලැබිය නොහැකි
මිරිඟු ආලෝකයකට
කුඩා සතුටක් වෙනුවෙන්
රැවටී වැනසී මියයන
අසරණ මෙරුවන් වෙමු අප...
කුඩාකල සිට - වෙහෙසී ඉගෙනගෙන
විභාග සමත් වී - උපාධි නිමකර
දෙමාපියන්, දරු පව්ල වෙනුවෙන්
ජීවිතය කැපකර - රැකියා කර
සමාජ රැලිවලට - අසුවී ගසායන
ආ මගත් නොඳැන - යන මගත් නොදකින
භවයේ ගමන්මග - නොඳැන අතරමං වූ
අපේ ජීවිතය - අපේ කතාව...
පසුදින අරුණලු නැගෙන යම
විසිරී තිබුනා දෙරණ මත
මුලාවී වෙහෙසී මියගිය
අසරණ මෙ(හෙක)රුවන්ගේ
සිනිඳු පියාපත් , සතරදෙස
සිසිල් මඳනළ රැගෙන ආවෝ
සිලිසිලි හඬින්, ඒ දුක් සහිත
ඔවුන්ගේ මළගමේ පනිවුඩය...
•¥asa$•
වහල් කම් කර රැජිනකට
යටත් වැසියන් සේ ඉඳ
ගොඩනගා තුඹස්, අධිරාජ්‍ය
ජීවිතයේ හොඳම කාලය
අනුන් වෙනුවෙන් කැපකර
ලැබුනු විශ්‍රාම වැටුපයි
ඒ පියාපත් යුගලය...
" ඩොබී දැන් නිදහස් "
ලෙසින් මුරගා අහසට
තටුසලා ඇදෙයි උන්
විදුලි ලාම්පු එලියට
කිසිදා ලැබිය නොහැකි
මිරිඟු ආලෝකයකට
කුඩා සතුටක් වෙනුවෙන්
රැවටී වැනසී මියයන
අසරණ මෙරුවන් වෙමු අප...
කුඩාකල සිට - වෙහෙසී ඉගෙනගෙන
විභාග සමත් වී - උපාධි නිමකර
දෙමාපියන්, දරු පව්ල වෙනුවෙන්
ජීවිතය කැපකර - රැකියා කර
සමාජ රැලිවලට - අසුවී ගසායන
ආ මගත් නොඳැන - යන මගත් නොදකින
භවයේ ගමන්මග - නොඳැන අතරමං වූ
අපේ ජීවිතය - අපේ කතාව...
පසුදින අරුණලු නැගෙන යම
විසිරී තිබුනා දෙරණ මත
මුලාවී වෙහෙසී මියගිය
අසරණ මෙ(හෙක)රුවන්ගේ
සිනිඳු පියාපත් , සතරදෙස
සිසිල් මඳනළ රැගෙන ආවෝ
සිලිසිලි හඬින්, ඒ දුක් සහිත
ඔවුන්ගේ මළගමේ පනිවුඩය...
•¥asa$•

Comments
Post a Comment