මටත් තිබුනා (නම්) ප්‍රේමයක්...

සැඳෑ වරුවේ හුදෙකලාවේ
තුරු වියන් යට ප්‍රේම රංගන
දකින විට මා හදේ කොනකින්
මුමුනනවා ඇසෙනවා යමක්

සෙමෙන් මියයන හදේ පත්ලෙන්
ඇසෙන නෑසෙන ලෙසින් රහසින්
කොඳුරනවා ඇසෙනවා මොකක්දෝ...
" මටත් තිබුනා (නම්) ප්‍රේමයක්..."

ඇසුනු විට එය පෙනහල්ලත්
හෙලා රහසින් නිහඬ සුසුමක්
බලයි හද දෙස සෝක බැල්මෙන්
ළයම පුරවා පාලු හැඟුමින්

මොළය හද දෙස බලා හිනැහී
සමච්චලයෙන් වගේ ඇසුවේ
" තවම නැතිවද මට්ටු වූයේ..?"
" අනේ තෝ වගෙ මෝඩයෙක්.!"

•¥asa$•

Comments