චක්‍රයෙන් ඉවතට

හදිසියේම යම් දවසක
ඇසුනොත් මාගේ මළගම
හඩා දොඩා දුක් නොමවනු
බාදා නොවැලපෙනු මළකඳ

මාගේ මළමිනිය තුලින්
ඔබෙ මරණය නරඹනු මැන
මාගේ මළගෙදර තුලින්
ඔබෙ මළගම සිහිකළ මැන

මේ භවයේ සුපුරුදු ලෙස
යලි ඔබ මා හමුවනු නැත
ඔබ හමුවීමට මා නැත
මා හමුවීමට ඔබ නැත

ඔබත් මමත් අන් සියල්ලත්
දෙදෙනෙක්, අනකෙන් නොව
සියල්ලන්ම එකක්ම බව
කෙලෙස හෝ වටහාගනු මැන
නටුවෙන් ගිලිහීමට පෙර...

ගසකින් කොළයක් වැටුනම
දුක් වනු කිම අන් කොළ මල
ඔබත් දිනක මා විලසම
බිමට වැටෙන බව සිතනුව
හඩා වැලපෙමින් ඔබ ඔය
කරන විකාරය, මොකටද..?

නැතහොත් නැවතත් පස්වී
යලි ඉපදී යලි පරවී
යලි යලි අප කැරකෙනු ඇත
ඉතින් ඊට පෙර ඔබ මම
නටුවෙන් ගිලිහීමට පෙර
කළයුතු වැඩ කරලමු සැම.


•¥asa$•

Comments