ඔහු...,
උපන්නේ කවියෙකු ලෙසින් නොව,
ඔබ මමත් අන් සියල් එක ලෙස..
මියෙන්නේ කවියෙකු ලෙස නොව,
තවත් එක් මලකඳක් විලසම...
ජීවත් වුනේ කවියෙක් ලෙසින් නොව,
තවත් එක් තණ අගක පිනි ලෙස...
හෙනම් ඔහු කවියෙක් වුනේ කිම..?
කවිය ඔහුගෙන් සෑදුනා මිස
ඔහු කවිය සෑදුවා නොව..
වචන පද'රුත් මිමිනුනා මිස
ඔහු විසින් මිමිනුවා නොව..
තනුව ගැලපී බිහිවුනා මිස
ඔවුන් තනු ගැලපුවා නොව..
හෙනම් ඔහු කවියෙක් වුනේ කිම..??
කවිය ඔහු කවියෙක් කළා නොව
ඔබ විසින් කවියෙක් කළා මිස
එතන කවියෙක් කිසිකලෙක නැත.
කවියා ඉපදුනෙම ඔබ තුල
කවිය සුරැකුනෙත් ඔබතුල
දිනක කවියා මියගියේ නම්,
මියගියෙත් ඒ ඔබ තුලින්මය..
කවිය, ඔබට නිවන් සුව.
•¥asa$•
උපන්නේ කවියෙකු ලෙසින් නොව,
ඔබ මමත් අන් සියල් එක ලෙස..
මියෙන්නේ කවියෙකු ලෙස නොව,
තවත් එක් මලකඳක් විලසම...
ජීවත් වුනේ කවියෙක් ලෙසින් නොව,
තවත් එක් තණ අගක පිනි ලෙස...
හෙනම් ඔහු කවියෙක් වුනේ කිම..?
කවිය ඔහුගෙන් සෑදුනා මිස
ඔහු කවිය සෑදුවා නොව..
වචන පද'රුත් මිමිනුනා මිස
ඔහු විසින් මිමිනුවා නොව..
තනුව ගැලපී බිහිවුනා මිස
ඔවුන් තනු ගැලපුවා නොව..
හෙනම් ඔහු කවියෙක් වුනේ කිම..??
කවිය ඔහු කවියෙක් කළා නොව
ඔබ විසින් කවියෙක් කළා මිස
එතන කවියෙක් කිසිකලෙක නැත.
කවියා ඉපදුනෙම ඔබ තුල
කවිය සුරැකුනෙත් ඔබතුල
දිනක කවියා මියගියේ නම්,
මියගියෙත් ඒ ඔබ තුලින්මය..
කවිය, ඔබට නිවන් සුව.
•¥asa$•

Comments
Post a Comment