ගඟ කවදත් අලුත්‍ ය...

දෙවරක් නොදැකිය හැකි
ගඟ කවදත් අලුත්‍ ය...

ගඟට ගඟ යැයි කීවද
ගඟ කියන්නේ ගං ඉවුරට,
ගං පතුලට නොව -
ගලායන දියපහරට..
ඔබ ගඟ දකින මොහොතේ
ගලායන දියපහරට..
මොහොතින් මොහොත අලුතින්
ගලා යන දියපහරට..
ඉතින් ගඟ එකදිගටම
ගලායන සේ පෙනුනද
වරක් දුටු ගඟ, නැවත නැරඹිය නොහැකිය...

ගලා ගිය ගඟයි අතීතය
මතකයන් පමණක් ඉතිරිවුන..
තවම නොගැලූ ගඟ අනාගතය
බලාපොරොත්තුවක් පමණක්ම වන..
නිරුවත් දෑසින් නැරඹිය යුතු
මේ මොහොතේ ගලන ගඟයි
අපේ මේ ජීවිතය...

•¥asa$•

Comments